පාසල පිළිබඳ හැදින්වීම
FLA අධ්‍යාපන ආයතනය

පාසල පිළිබඳ හැදින්වීම

විදුහල්පතිතුමාගේ පණිවුඩය

ෆුකුඔකා නගරය, අතීතයේ හකතා යනුවෙන් හදුන්වන ලද අතර අතීතයට වඩා වර්තමානයේ මහද්වීප අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන විදේශකයින් බහුල වශයෙන් ජීවත්වන නගරයකි එමෙන්ම අනෙකුත් නගර හා සසඳා බලන විට ජීවන වියදම අඩු පහසුවෙන් ජීවත් විය හැකි නගරයකි.

අප විද්‍යාලය නගර මධ්‍යයයේ පිහිටා අති අතර අතීතයේ සිට මේ දක්වා උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විවෘත පාසලකි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අරමුණු සාක්ෂාත් කිරීම වෙනුවෙන් සකසන ලද විශේෂ ජපන්භාෂා පාඨමාලාවලින් සමන්විත විද්‍යාලයකි. විද්‍යාලයේ ගුරුමණ්ඩලය ද එකසිතින්ම ශිෂ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉදිරි අධ්‍යාපනය සඳහා ඇප කැප වී සිටිති.

පාසල පිළිබඳ හැඳින්වීම

අධ්‍යාපන පටිපාටිය

ජපන් සමාජයට අනුකූලව , ජපන් ජීවන රටාව හදුනාගනිමින් , අපගේ පාසලින් පිටවූ පසුවත්, විශ්ව විද්‍යාල ආදියෙහි ඉගන ගැනීම් වලදී ද අවශ්‍යවන ජපන් භාෂා දැනුම ලබා දීම වෙනුවෙන් සැදුම්ලත් අධ්‍යාපන ක්‍රියාපටිපාටියක් අනුගමය කරමු.

ගුරුභවතුන්

අත්දැකීම් බහුල ගුරුභවතුන් පිරිසක් විසින් ඒ ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගැලපෙන ආකාරයට ඉගෙනීම් කටයුතු,ජපානයේ ජීවන රටාව ,මෙන්ම යායුතු මාර්ගය පිළිබඳව මග පෙන්වනු ලබයි.

ඉතිහාසය

පාසල 1992 දී ස්ථාපිත කරන ලදි.

ශිෂ්‍ය ශිෂ්‍යාවන්

වර්ථමානය වන විට රටවල් 16 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉසුරුමත් අධ්‍යාපන පරිසරයක පහසුවෙන් අධ්‍යාපනකටයුතු කරමින් තමතමන්ගේ සිහිනයන් වෙත ළගා වෙමින් සිටී.

පාසල පිහිටා ඇති ප්‍රදේශය

පාසල ෆුකුඔකා නගරය කේන්ද්‍රකොට පිහිටා ඇත. කියුෂූ දූපතේ කාර්ය බහුලම නගරයක් වන Tenjin " කියුශු දූපතේ අනෙකුත් ප්‍රධාන නගර හා සම්බන්ධ වන Hakata දුම්රිය ස්ථානය එමෙන්ම ෆුකුඔකා ජාත්‍යන්තර ගුවන්තොටුපල ආදියට ඉතාමත් කිට්ටු ස්ථානයකි. පාසල අවට පරිසරය නිහඩ අලංකාර පිරිසරයකින් ද හෙබි බැවින් අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු පරිසරයක පිහිටා ඇත.
මුල් පිටුව වෙත